දෙවියන්වහන්සේ අපගේ වේදනාව මුදා හරින සේක
ඔලිව්, ඇයගේ මිතුරා ඇයගේ දන්ත වෛද්‍ය උපකරණ ඔහුගේ මෝටර් රථයට පටවන ආකාරය දෙස බලා සිටියාය. මිතුරු දන්ත වෛද්‍යවරයකු වූ ඔහු ඇයගෙන් අලුත්ම උපකරණ මිලදී ගත්තේය. ඇයගේම දන්ත චිකිත්සාගාරයක් පටන් ගැනීම වසර ගණනාවක කාලයක් තුළ ඔලිව්ගේ සිහිනය වූ නමුත් ඇගේ පුත් කයිල් ස්නායු ආබාධයක් සහිතව උපත ලැබූ විට, ඔහු රැකබලා ගැනීම සඳහා ඇය කරමින් සිටි දන්ත වෛද්‍ය සේවය නතර කළ යුතු…
ශුභාරංචිය වෙනුවෙන්
එය වසර 1916 වන අතර නෙල්සන් ඔහුගේ උපන් ගම වන (ඇමෙරිකාවේ පිහිටි) වර්ජිනියාවේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා තිබුණි. එම වසරේ අගභාගයේදී ඔහු ඔහුගේ විවාහයෙන් මාස හයක් ගතවූ මනාලිය සමඟ චීනයට පැමිණියේය. වයස අවුරුදු විසි දෙකේදී ඔහු අවම වශයෙන් මිලියන දෙකක චීන වැසියන් සිටින ප්‍රදේශයක ඇති එකම රෝහල වන ප්‍රේමය සහ දයාවේ රෝහලේ (Love and Mercy Hospital) - ශල්‍ය වෛද්‍යවරයකු බවට…
ඔබ තවමත් මට ආදරය කරන්නේද?
දස හැවිරිදි ලින්-ලින් අවසානයේ හදා වඩා ගත් නමුත් ඇය බිය වී සිටියාය. ඇය හැදී වැඩුණු අනාථ නිවාසයේදී, කුඩා වරදකට පවා ඇය දඬුවම් ලැබුවාය. මගේ මිතුරියක් වූ, මෙම දැරියගේ හදාගත් මවගෙන් ලින්-ලින් මෙසේ ඇසුවාය: “අම්මේ, ඔයා මට ආදරෙයිද?” මගේ මිතුරිය ඔව් යැයි පිළිතුරු දුන් විට, ලින්-ලින් ඇසුවේ, ........ “මම වැරැද්දක් කළොත්, ඔබ තවමත් මට ආදරේ කරනවාද?” ....... කියාය.
කටින් වචන පිට…
උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්න
ළමා කාලයේදී පාසල් යාම මට බියක් ගෙන දුන්නේය. සමහර ගැහැණු ළමයි මාව කුරිරු විහිළුවලට ලක් කරමින් මට හිරිහැර කළේය. ඒ නිසා, විවේක කාලයේදී, මම පුස්තකාලයේ රැකවරණය ලබා ගත්තෙමි. එහිදී මම ක්‍රිස්තියානි කතන්දර පොත් මාලාවක් කියෙව්වෙමි. මම මුලින්ම “යේසුස්” කියන නම කියවූ දිනය මට මතකය. කෙසේ හෝ වේවා ඒ මට ප්‍රේම කරන කෙනෙකුගේ නමක් කියා මම දැන ගෙන සිටියෙමි. ඊළඟ මාස…
ඔබට උදව් අවශ්‍ය වූ විට
එය සඳුදා උදෑසනක් විය, නමුත් මගේ මිතුරා චියා-මිං කාර්යාලයේ සිටියේ නැත. ඔහු නිවසේ නාන කාමරය පිරිසිදු කරමින් සිටියේය. මාසයක් රැකියා විරහිතව සිටියද, ඔහු ඉදිරියේ කිසිදු රැකියාවකට මඟපෙන්වීමක් නොමැතිව, ඔහු සිතන්නට විය. කෝවිඞ් -19 වසංගතය හේතුවෙන් ඔහුගේ සමාගම වසා දමා තිබූ අතර අනාගතය පිළිබඳ කනස්සල්ල නිසා චියා-මිංගේ සිත බියෙන් පිරුණි. "මම මගේ පවුල නඩත්තු කළ යුතුයි," ඔහු සිතුවේය. "මට උදව් සඳහා…
දෙවියන්වහන්සේ ඔබව දකින සේක
දෙදරු මවක් වූ මගේ මිතුරිය වන ඇල්මාට හිමිදිරි උදෑසන වේදනාකාරී එකක් වුනි. ඇය පවසන්නේ “සියල්ල නිශ්ශබ්ද වූ විට කණස්සල්ල මතුවේ. මම ගෙදර දොරේ වැඩ කරන විට අපගේ මූල්‍ය ගැටළු සහ දරුවන්ගේ සෞඛ්‍යය සහ අධ්‍යාපන කටයුතු ගැන සිතමි” යනුවෙනි.
ඇගේ ස්වාමිපුරුෂයා ඇයව අත්හැර ගිය විට ඇල්මා ඇගේ දරුවන් තනිවම ඇති දැඩි කිරීමේ වගකීම දරා ගත්තාය. “එය ඉතා අපහසුයි. නමුත් දෙවියන්වහන්සේ මාව…
උඩඟුකම සහ වංචාව
“ප්‍රේමණීය දෙවියන්වහන්ස ඔබවහන්සේගේ මෘදු නිවැරදි කිරීම සඳහා ස්තූතියි”. මගේ උරහිස් පහත් කර ගෙන මම ඒ අමාරු වචන මගේ මුවෙන් පිට කළෙමි. සෑම දෙයක්ම මට තනියෙන් කරන්න හැකිය කියා මම උඩඟු වී සිටියෙමි. මාස ගණනාවක් තිස්සේ මම සාර්ථක වැඩ ව්‍යාපෘති භුක්ති වින්දෙමි. සම්මාන ලැබුවෙමි. ඒ නිසා මාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තැබීමට සහ දෙවියන්වහන්සේගේ මග පෙන්වීම ප්‍රතික්ෂේප කිරීමට මම පෙළඹුණෙමි. අභියෝගාත්මක ව්‍යාපෘතියක්…
උන්වහන්සේ දන්නා සේක
තායිවානයේ හෙදියක් ලෙස රැකියාවක් ආරම්භ කිරීමට ලියා සුදානම්ව සිටියාය. රැකියා අවස්ථා සීමිත වූ මැනිලා නගරයෙහි ඇයට කළ හැකි දේට වඩා දැන් ඇයට තම පවුලට හොඳින් සැපයිය හැකි වනු ඇත. ඇය පිටත්ව යාමට පෙර දින රාත්‍රියේ තම පස් හැවිරිදි දියණිය රැක බලා ගන්නා තම සහෝදරියට උපදෙස් දුන්නාය. “ඔබ ඇයට රට කජු බටර් හැන්දක් දුන්නොත් ඇය ඇගේ විටමින් ලබා ගනීවි” ලියා පැහැදිළි…
සැබෑ ආගන්තුක සත්කාරය
“කුමයින් කා නා බා?” (ඔයා කාලද ඉන්නේ?)
මා සිටින පිලිපීන රටේ බොහෝ නිවෙස් වල අමුත්තෙක් ලෙසට ඔබට සෑම විටම අසන්න ලැබෙනු ඇත්තේ මෙයයි. එය අපගේ අමුත්තන්ට සැළකිල්ල සහ කරුණාව ප්‍රකාශ කිරීමේ පිලිපීන ක්‍රමයයි. ඔබේ පිළිතුර කුමක් වූවත් ඔබේ සත්කාරකයා ඔබට කෑමට යමක් සුදානම් කරයි. පිලිපීන ජාතිකයන් විශ්වාස කරන්නේ සැබෑ කරුණාව යනු සම්මත ආචාරය පමණක් නොව සැබෑ ආගන්තුක සත්කාරය පෙන්වීමට වචන…
උන්වහන්සේගේ සමාදානය
මාස කිහිපයක් තිස්සේ මම රැකියා ස්ථානයේ දැඩි දේශපාලනය සහ කුතුහලය සමග කටයුතු කළෙමි. මාගේ දෙවන ස්වභාවය කණස්සල්ල වූවත් මම සමාදානයෙන් සිටීම ගැන පුදුමයට පත් වීමි. කණස්සල්ලක් දැනෙනවා වෙනුවට සන්සුන් මනසකින් සහ හදවතකින් ප්‍රතිචාර දැක්වීමට මට හැකි වුනි. මෙම සමාදානය ලැබිය හැක්කේ දෙවියන්වහන්සේගෙන් පමණක්ම බව මම දැන සිටියෙමි.
ඊට පටහැනිව මගේ ජීවිතයේ සෑම දෙයක්ම හොඳින් සිදු වූ තවත් පරිච්ඡේදයක් තිබුණි. එහෙත්…